By unusuma.lk on
(LK time)අද (5) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් සදහා රජයෙන් වාහන ලබාදීමට බලාපොරොත්තු නොවන බවයි.
මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම රජයේ ප්‍රමුඛ කටයුත්තක් නොවන බවත් ඒ වෙනුවෙන් වාහන ආනයනය නොකරන බවත් මාත්‍යවරයා පැවසීය.
දැනට රජයේ ස්ථාවරය අනුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අවශ්‍ය වාහන පහසුකම් ඔවුන් විසින් සලසා ගත යුතු බව අමාත්‍යවරයා පැවසීය.
රජය විසින් වාහන සංචිතයක් පවත්වාගෙන යමින් ඒ හරහා මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන වසර පහකට පසුව නැවත රජයට භාරදිය යුතු බවට තීරණය කර ඇතත් එවැනි වාහන සංචිතයක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් වාහන මේ වනවිට රජය සතුව නොමැති බවත් ඔහු කියා සිටියේය.
එනිසා දැනට මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදීමට තීරණයක් ගෙන නොමැති බව ාමාත්‍යවරයා අවධාරණය කළේය.