ලසන්තගේ අවනඩුව ගිනිගද්දී ජනපති නීතිපති කැඳවයි..!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නීතිපති පාරින්ද රණසිංහ මහතා සමඟ සාකච්ඡාවක් අද (6) පස්වරුවේ කැඳවා ඇති බව වාර්තා වේ.

මෙම හමුව පස්වරු 2 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිදුවීම මේ වන විට සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර තිබෙනවා.

නීතිපතිවරයාගේ මෙම අන්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද දහවල් 12 ට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක්ද සංවිධානය කර ඇති බව එම සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පවසනවා.

අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම හැසිරීමට විරෝධය පලකරමින් ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග කිහිපයක්ම ගැනීමට නියමිත බවයි.

-Whatnews-

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.