“මාධ්‍යට දැන ගන්න තරම් දෙයක් නෑ” ජනපති නීතිපති හමුව ගැන අධිකරණ ඇමති කියයි.!

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (6) පස්වරුවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත කැඳවා තිබුනි.

ඒ අනුව නීතිපතිවරයා පස්වරු 1.45ට පමණ ජනාධිපති කාර්යාලයට පැමිණ ඇති අතර, මේ සඳහා අධිකරණය අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාද සහභාගී විය.

පැය 2කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පස්වරු 4ට පමණ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගියේය.

ඒ අනුව අදාළ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කර සඳහන් කළේ, මාධ්‍යට දැන ගැනීමට තරම් දෙයක් සාකච්ඡා නොවූ බවයි.

නමුත් අවශ්‍යතාවක් වුවහොත් කැබිනට් ප්‍රකාශකවරයා විසින් තොරතුරු දැනුම්දෙනු ඇති බවයි අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කර වැඩිදුරටත් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.