By unusuma.lk on
(LK time)රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Clean Sri Lanka’ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් කොළඹ මහ නගර සභාව, බස්නාහිර පළාත් කසල කළමනා කරණ අධිකාරිය යන ආයතන හා එක්ව අද (06) දින කොළඹ බේරේ වැව සහ ඒ අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.
කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති සුවිශේෂී ස්ථානයක් ලෙස සැලකෙන බේරේ වැව ප්‍රතිසංස්කරණය කොට එහි පවිත්‍රතාවය පවත්වාගෙන යාම මෙම විශේෂ වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. එහි පළමු අදියරේදී විශේෂයෙන් ගංගාරාමය සීමා මාලකය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනු ඇත.
කොළඹ නගරයේ පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථාන අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ලෙස සැලකෙන ගංගාරාමය හා ඒ ආශ්‍රිත බේරේ වැව ප්‍රදේශය වෙත දිනපතා දේශීය හා විදේශීය සංචාරකයින් රැසක් පැමිණෙනු දැකිය හැකිය. විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේදී මනස්කාන්ත දසුන් මවමින් හිරු බැස යන දර්ශනය නැරඹීමට බොහෝ පිරිසක් මෙහි පැමිණෙති.
ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරමින් ගංගාරාමය විහාරස්ථානයේ පැවති කෙටි සාකච්ඡාව සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා මෙන්ම, ‘Clean Sri Lanka’ ව්‍යාපෘතියේ ජනාධිපති කාර්ය සාධක බලකාය, කොළඹ මහ නගර සභාව, පරිසර අමාත්‍යාංශය, බස්නාහිර පළාත් කසල කළමනා කරණ අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය වැනි රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මේ යටතේ ක්‍රියාත්මක පිරිසිදු කිරීමේ මෙහෙයුම බේරේ වැවේ ප්‍රධාන කොටස් කේන්ද්‍ර කොට ගනිමින් විශේෂයෙන් නවම් මාවත, පෙරහැර මාවත සහ කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ග අවට ප්‍රදේශය ආවරණය කරයි.
මෙම සාමූහික ප්‍රයත්නය මගින් ‘Clean Sri Lanka’ වැඩසටහනේ පුළුල් අරමුණු සමඟ අනුගත වෙමින් පරිසර සංරක්ෂණය සහ නාගරික අලංකරණය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කැපවීම ඉස්මතු කරයි.