අවසන් තරගයේ දිමුත්ට ලැබුණු ගෞරවය.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (06) දින ගාල්ලේදී පැවැත්විය.

එහිදී ප්‍රබල ආරම්භක පිතිකරුවෙක් වන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන, 100වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සහ අවසන් ජාත්‍යන්තර තරගය වේ.

හිටපු නායක දිමුත් කරුණාරත්න තම 100වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් හිස්වැසුම ලබා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය අතිනි.

දිමුත් වෙනුවෙන් ගෞරව දැක්වීමට, ඔහුගේ පවුලේ සාමාජිකයින්, ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20/20 ක්‍රිකට් නායක චරිත් අසලංක, ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

රට වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ ආරම්භක පිතිකරුවා ලෙසත් ටෙස්ට් ක්‍රිකට් තරග 100කට ක්‍රීඩා කළ 7වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස දිමුත් කරුණාරත්න අද පිටිය⁣ට පිවිසියේය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.