By unusuma.lk on
(LK time)කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින් අපරාධ පරීක්ෂණෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වෙත් අද (07) නොතීසි නිකුත් කිරීමට නියෝග කළාය .
ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් හිටපු මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි මහතා අත් අඩංගුවට ගැනීමේ සූදානම සම්බන්ධයෙන් ලබන 14 වැනි දින කරුණු දැක්වීම සඳහායි.
නන්දසිරි මල්ලවාරාචි මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වග උත්තර කරුණු කරමින් ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.
2015 වසරේ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් කැරම් හා දාම්බෝඩ් මිලදී ගැනීමත් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයන්ට අදාළව තමාව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බැවින් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබා ගැනීමට හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා මෙම ඇප අයදුම් පත්‍රය නන්දන මල්ලවාරච්චි මහතා විසින් ගොනුකර ඇත.