By unusuma.lk on
(LK time)පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා වූ යෝජනාව අද (7) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.
යෝජනාව පිළිබඳව විවාදයේදී මන්ත්‍රීවරු සිවු දෙනෙක් අදහස් දැක්වූ අතර විවාදයේ පිළිතුරු කතාව කරනු ලැබුවේ අගමැතිනිය විසිනි.
එහිදී අදහස් දැක්වූ හරිනි අමරසූරිය මෙනවිය.
“මේ යෝජනාව ආපු වෙලාවේ මම සතුටට පත්වුණා. මොකද විපක්ෂයේ අයත් අපි කතා කරන වෙනසත් ජනතාව ඉල්ලන වෙනසත් තේරුම් ගෙන ඒ භාෂාවම කතා කරන්න පටන් ගත්තු එකට. එහෙත් විපක්ෂයේ සමහර අය මේ වැදගත් යෝජනාවේ හරය තේරුම් නොගෙන මෙතන වෙන දේවල් කතා කළා. ඒ ගැන මම කණගාටු වෙනවා. යෝජනාවට අපේ කණ්ඩායම උපරිම සහාය දෙනවා“