දඩබ්බර, හිතුවක්කාර දරුවකු ලෙස වෙළෙඳපොළ ආක්‍රමණය කළ නොහැක.!

ලෝකයේ වෙළෙඳපොළ ආර්ථිකය රඳා පවතින්නේ ස්වයං හෝ ස්වාධීනව නොවන බැවින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාවෙන් පරිබාහිර ආර්ථිකයේ කොටස්කරුවන් ශ්‍රී ලංකාව කෙරෙහි තබන විශ්වාසය ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

වර්තමාන ලෝකය තුළ වෙළෙඳපොළ බෙදාගෙන අවසන් වී තිබීම හා යළි වෙළෙඳපොළ බෙදා ගැනීම සදහා තරඟයක් ඇති වී තිබීම තුළ ප්‍රමාණවත් පංගුවක් අත්පත් කර ගැනීම අප රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

අද වෙළෙඳපොළ ලෝක දාමයක් බවට පත් වී ඇති බවත් එහි පාර්ශ්වකරුවකු බවට පත් වීමට රටට හිතකර වෙළෙඳ ගිවිසුම්වලට එළඹිය යුතු බවත් දඩබ්බර, හිතුවක්කාර දරුවකු ලෙස වෙළෙඳපොළ ආක්‍රමණය කළ නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එහිදී ගුණාත්මකභාවයෙන් වෙළෙඳපොළට පිවිසීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට තම රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ලෝකයේ ඇතිවන වෙනස්කම්වලට අනුරූප වන පරිදි නව භාණ්ඩ හා සේවා සැපයීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

විදුලිබිල අඩු වීම ස්ථාවරව පවත්වා ගැනීම සදහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් වසර කිහිපයක් තුළ පිරිවැය අඩු කර ස්ථාවර මිලක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

රටේ ආර්ථිකය වෙනත් තලයකට ගෙන යාමට රජයක් ලෙස උපරිම මැදිහත්වීම සිදු කරන බවත් කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට මරු පහරක් වනු ඇති බැවින් ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ඉතා ප්‍රවේසම් සහගත විය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.