එජාප – සජබ දීගෙට ටෙලිෆෝනය හරස් වෙයි.!

සමගි ජන බලවේග පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණය සදහා එක්ව තරග කිරීමට වන සාකච්ඡා පසුගිය දිනවල පැවැත්විණ.

එහෙත් නායකත්වය හා ලාංඡනය පිළිබඳව සාකච්ජා කළද සමගි ජන බලවේගය විසින් ටෙලිෆෝනය මිස වෙනත් කිසිදු ලාංඡනයකට එකඟ නැතැයි එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

එළ⁣ඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සදහා පොදු සන්ධානයක් යටතට ඒමට පසුගිය දිනවල පක්ෂ දෙකෙහිම කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.

මම සාකච්ඡාවේදී ටෙලිෆෝනය අතහැර දමා පොදු ලකුණක් යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය යෝජනා කළද, සමගි ජන බලවේග පක්ෂය ටෙලිෆෝනය අතහැර තරග කිරීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.