By unusuma.lk on
(LK time)හම්බන්තොට ඉදිකිරීමට නියමිත චීන සිනොපැක් සමාගමේ තෙල් පිරිපහදුව සඳහා තවත් අමතර අක්කර 200ක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මෙම ආයෝජනය සඳහා රජය මගින් අක්කර 500ක් ලබාදී ඇත.
මෙය චීනය මගින් සිදුකරන විශාලම ආයෝජනය වන අතර එම ඩොලර් බිලියන 3.7ක ආයෝජනය සඳහා තවත් අක්කර 200ක් අවශ්‍ය බව මෙම සමාගම දැනුම් දී තිබේ.
මෙම තෙල් පිරිපහදුව සම්බන්ධ ගිවිසුමට ජනපතිවරයාගේ චීන සංචාරය අතරතුර අත්සන් තැබිණි.