ඉදිරි සතියේ විදුළිය සලාක ක්‍රමයට.?

ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (10) තීරණය කරන බවයි.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පැවත්වීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඊයේ දිනයේ සිදුවූ හදිසි බිඳවැටීමත් සමඟ විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වී එහි විදුලි ජනන යන්ත්‍ර 03ම තාවකාලික විසන්ධිවීමකට ලක්විය.

එමගින් ජාතික විදුලි පද්ධතියට එක්වන මෙගාවෝට් 900ක ධාරිතාව අහිමි වීම සහ සවස 6පමණ සිට විදුලිය භාවිතය ඉහළ යාම හේතුවෙන් යළිත් ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණහිටියේය.

කෙසේවෙතත් ජාතික විදුලි බල පද්ධතියේ පැවති එම අඩුව පියවීම සඳහා තාපබලාගාර වලින් විදුලිය ලබා ගැනීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ අතර ඒ අනුව රාත්‍රී 9.45 පමණ වන විට දිවයින පුරා විදුලිබල සැපයුම යළි යථාතත්වයට පත්කිරීමට විදුලි බල මණ්ඩලයට හැකි විය.

කෙසේවෙතත් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් නැවතීමකට ලක්වුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 03යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 04ක පමණ කාලයක් ගත වන බව සඳහන් වේ.

ඒ අනුව විදුලි කප්පාදුවකින් තොරව විදුලි බල සැපයුම කළමනාකරණය කිරීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ. 

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
\r\n <\/div>\r\n<\/div>\r\n","isUserRated":"0","version":"7.6.30","wc_post_id":"125910","isCookiesEnabled":"1","loadLastCommentId":"0","dataFilterCallbacks":[],"phraseFilters":[],"scrollSize":"32","url":"https:\/\/unusuma.lk\/wp-admin\/admin-ajax.php","customAjaxUrl":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/utils\/ajax\/wpdiscuz-ajax.php","bubbleUpdateUrl":"https:\/\/unusuma.lk\/wp-json\/wpdiscuz\/v1\/update","restNonce":"1463bcc56b","is_rate_editable":"0","menu_icon":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/assets\/img\/plugin-icon\/wpdiscuz-svg.svg","menu_icon_hover":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/assets\/img\/plugin-icon\/wpdiscuz-svg_hover.svg","is_email_field_required":"0"}; var wpdiscuzUCObj = {"msgConfirmDeleteComment":"Are you sure you want to delete this comment?","msgConfirmCancelSubscription":"Are you sure you want to cancel this subscription?","msgConfirmCancelFollow":"Are you sure you want to cancel this follow?","additionalTab":"0"}; /* ]]> */ -->