මහින්දට සුබ පතලා යාපා සතුටු වෙයි.!

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

පසුගිය 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කිය සිදුවීමකට අදාළව මෙම අධි චෝදනා ගොනු කර ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ,

“යුද්ධය නවත්තපු නිසා තමයි ආයෝජන ගෙනාවේ. මම ප්‍රස්ථාරයකින් පෙන්නල තියෙනවා, ඒ පුවත්පත් දැන්වීමේ සම්පුර්ණයෙන් කොහොමද ලංකාවට ආයෝජන ආවේ කියලා. ඒක 2014 වන කොට ඩොලර් බිලියන 2කට කිට්ටු වෙන්න ආයෝජන ගෙනත් තියෙනවා.

මම ගන්නකොට යුද්ධයට කලින් ඩොලර් මිලියන 700ක්. එතකොට මේ තරම් ආයෝජන ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා රට නිදහස් කරපු නිසා. ඒ වගේ නායකයෙකුට සුබ පතලා නඩුවක් වැටුණු එක ගැන, මම හරි සතුටු වෙනවා. මම වංචාවක් කරලා නැත්තම්, සුබ පතල නම් නඩුව තියෙන්නේ, ඒක බොහොම හොදයි.

මේ පත්තර දැන්වීමක් දැම්මා කියන එකට අනුමැතිය දුන්නා කියන එක. එනිසා මම හිතන්නේ නෑ මේක ප්‍රශ්නයක් කියලා. නමුත් අපි අධිකරණයේදී අපේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මේක ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දීලා තියෙනවා. ඒ වගේම ටීසි රිපෝට් එකක් අරන් තියෙනවා. කොටේෂන් කෝල් කරලා තියෙනවා.

වෙනම පත්තර වලින් දැන්වීමට යන ගාස්තු පිලිබදව විමසලා තියෙනවා. සමහර සුබ පැතුම් වෙනස් කරලා තියෙනවා. එතකොට තමා අර ප්‍රස්ථාරයකින් ආයෝජන ප්‍රවර්ධනය කියන එක තියෙන්නේ. එතකොට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි අපිට අවස්ථාව ලබා දුන්නේ. නැත්තම් අපිට ආයෝජන ප්‍රවර්ධන කරන්න බෑ රටේ.

මම හිතන්නේ මේක දේශපාලන හේතු මතකරපු දෙයක්. මේ නිකම් මේ, පත්තරේක දැන්වීමක් දැම්ම කියලා, නඩු දැම්මාම ප්‍රශ්නයක් නෑ අපි නඩුවට පේනවා. හැබැයි අපේ දේශපාලන ගමන නවත්වන්න බෑ. දැන් අපි තවත් පන්නරයක් ගන්නවා.”

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාතරදී මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments