By unusuma.lk on
(LK time)කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම එළඹෙන ජුනි මස (02) වැනිදා පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් ඇති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවට තනි පක්ෂයක් ලෙස තරඟ කළ ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 48ක් හිමිවූ අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 29ක් සහ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 13ක් හිමිවිය.
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට 50% සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු බැවින් මේ වනවිට විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතු වී බලය පිහිටුවීමට සාකච්ජා ආරම්භ කර ඇත.
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ සිය උපරිම ශක්තිය ඒ සඳහා යොමු කිරීම හේතුවෙන් මෙම සටන දැඩි මුහුණුවරක් ගෙන ඇති අතර කොළඹ පුරපති ධුරය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව වාර්තා වේ.
විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මේ වන විට රහස් සාකච්ඡාද ආරම්භ වී ඇති අතර ඇතැම් අවස්ථාවල දේශපාලන පක්ෂ සභිකයින් දිනා ගැනීම සඳහා විවිධ වරදාන වරප්‍රසාද ලබා දීමටද ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පවත්වන ඡන්ද විමසීමේදි 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයා කොළඹ මහ නගර සභාවේ පුරපතිවරයා ලෙස තේරි පත් වනු ඇත.