මහින්දානන්ද අලුත්ගමගේ තවමත් නිදැල්ලේ.!

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය වරෙන්තු නිකුත් කළද පොලීසිය තවමත් ඔහු අත්අඩංගුවට ගෙන නොමැත.

චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධව මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය පසුගියදා වරෙන්තු නිකුත් කළාය.

තවමත් අත්අඩංගුවට ගෙන නොමැති හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සැගවී සිට අධිකරණයට භාර වු ආකාරයට ඉදිරි දිනයකදී අධිකරණයට භාරවීමට සුදානමින් සිටිනවාද යන්න සැක මතුව ඇත.

පසුගියදා අධිකරණය ලබාදුන් වරෙන්තුවට අනුව මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා රාජගිරියේ පිහිටි නිවසට ගියද එහි ඔහු නොසිටි බව අල්ලස් කොමිසමේ නිලධාරින් සඳහන් කරයි.

කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සැගවී සිටින බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments