By unusuma.lk on
(LK time)2009 වසරේ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිදුවූ අවසාන යුද්ධයේදී මියගිය දෙමළ සිවිල් වැසියන් සිහිපත් කිරීම සඳහා කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ සංවිධානය කර තිබූ පොදු රැස්වීමක් අතරතුර අද (මැයි 18) උදෑසන උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.
මෙම උත්සවය සංවිධානය කර තිබුණේ 2009 වසරේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූ සමයේ දෙමළ ජනතාවට සිදුවූ හානිය සිහිපත් කිරීම සඳහා බව පැවසෙයි.
මෙම සමරු උත්සවය ඇලෙක්සැන්ඩ්‍රා පාරට ඉදිරිපිට මුහුදු වෙරළ අසල ප්‍රදේශයේදී පවත්වා ඇත.
එහිදී යුද ගැටුමේ අවසාන අදියරේදී මියගිය, තුවාල ලැබූ හෝ අතුරුදහන් වූ පුද්ගලයින් සිහිපත් කිරීම සඳහා සහභාගිවූවෝ සුදු මල් රැගෙන රැස්ව සිටි බව පැවසෙයි.
කෙසේවෙතත් තවත්, කණ්ඩායමක් මෙම රැස්වීම අවුල් කිරීමට උත්සාහ කළ අවස්තාවේදී එහි උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත.
කෙසේවෙතත්, විරෝධතාවයේ නිරත වූ කණ්ඩායම විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කරන අයුරුත් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහරින ලද වීඩියෝ පටයක දැකගත හැකි වෙයි.