දරු ප්‍රසූතියට සූදානමින් සිටි ගැබිණිය මරා බාල්කයේ එල්ලලා.!

නව මස් වියැති ගැබිණියක් වූ සිය බිරිදගේ ගෙල සිරකර ඝාතනයකර සිය දිවි හානිකර ගැනීමක් ලෙස පෙන්වීම සදහා ඇගේ සිරුර නිවසේ බාල්කයක එල්ලූ සැමියෙක් දෙනියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් ආරවුලක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම කාන්තාව දරු ප්‍රසූතියට රෝහල්ගතවීමට නියමිතව සිට ඇත්තේ ඊයේ දිනයේදීය. ඇය පෙරේදා දින සායනයටද සහභාගිවීමට රෝහලට ගොස් ඇති බවද අනාවරණය වි තිබේ.

ඉෂාන්ති නැමැති 24 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් මෙසේ ඝාතනය කර ඇති අතර ඝාතනය සඳහා සැකපිට ඇගේ සැමියා වන ජේ.ඒ. කුමාර් නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් මෙම යුවල නීතියෙන් විවාහ නොවි එකම නිවසක ජීවත්ව ඇති බව වාර්තා වෙයි.

පොලිසිය සදහන් කළේ දෙදෙනාම පෙර විවහායන් කරගෙන සිටින්නන් බවත් සැමියාගේ පෙර විවහායේ 07 හැවිරිදි දරුවා සිට ඇත්තේද මෙම නිවසේ බවත් ය.

පෙරේදා (17) සවස් කාලයේදී මෙම අපරාධය සිදුව ඇත්තේ ඔවුන් දෙදෙනා ජීවත්වූ දෙනියාය විහාරහේන එනසල් වත්තේ නිවස තුළදී බව පොලිසිය සඳහන් කරයි.

දෙදෙනා අතර ඇතිවූ මුදල් ආරවුල දිග්ගැස්සී ගැබිණි බිරිඳගේ ගෙල රෙද්දකින් සිරකර ඝාතනයකර ඇති සැමියා පසුව ඇයගේ සිරුර නිවසේ බාල්කයක එල්ලා ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරුව සැමියා නිවසින් පිටව ගොස් නිවසට පැමිණ සිය බිරිඳ බාල්කයේ එල්ලී සියදිවි හානිකරගෙන ඇතැයි අසල්වාසීන්ට පවසා කිසිවක් නොදත් අයෙක් ලෙස හඩා වැලපී ඇති බව පොලිසිය සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments