By unusuma.lk on
(LK time)රුපියල් කෝටි හතරක් පමණ වටිනා බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර පරිහරණය කළ බවට වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටි කෝටිපති ව්‍යාපාරිකයාට කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මි විසින් අද (13) ඇප නියම කලාය.
ඒ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
තුෂාර හේමචන්ද්‍ර නැමති 53 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන සැකකරු හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙකු වශයෙන්ද කටයුතු කර ඇතැයි පැවසේ.
අදාල නීති කෘත්‍ය අධිකරණයෙහි විභාග වූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් ප්‍රසන්න විජේසිරි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා අදාළ මෝටර් රථය පෞද්ගලික මූල්‍ය ආයතනයකින් මිලදී ගෙන ඇති බවත් ඒ සඳහා වූ ලිපි ලේඛන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම එම මෝටර් රථය අදාල පෞද්ගලික මූල්‍ය ආයතනය වෙත ලබා දුන් මෝටර් රථයේ පළමු හිමිකරුගේ විස්තර ඇතුළත් ලේඛන ද මෙහිදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෝටර් රථයේ මුල් හිමිකරු පිළිබඳව විමර්ශන කිරීමට නියමිත වේ.