By unusuma.lk on
(LK time)පූර්ව දැනුම්දීමකින් තොරව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම හදිසි තීරණයත් සමග ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමිවිය.
රැකියාව අහිමිවිම හේතුවෙන් සේවක සේවිකාවන් අසරණ වී සිටින අතර මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබි යතුරු දමා වසා ඇති බව වාර්තා වේ.