බස් සෙල්ලම් අවසන්.. ආණ්ඩුව නීති තද කරයි.!

දුරගමන් සේවා බස් රථ වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන එක් පියවරක් ලෙස එම බස් රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරයි.

කිලෝමීටර් 100ට වැඩි ගමන්වාරයක් හිමි සියලු බස් රථ එම වාර්තාව ලබාගත යුතු බවත් එළඹෙන අගෝස්තු (01) වනදා සිට එම ඉංජිනේරු වාර්තාව ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

තවද මගී බස් රථ සඳහා එළඹෙන අගොස්තු (01) වනදා සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර භාවිතා කිරීම ද අනිවාර්ය කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

මේ අතර මගී බස් රථවල සවිකර ඇති අමතර උපාංග සම්බන්ධව ජුලි පළමුවනදා සිට නීත්‍යානුකූලව කටයුතු කරන බව රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments