සින්නක්කර ඔප්පු තහනම්.? ඇමති ලාල්ගෙන් ජනප්‍රිය නොවන තීන්දුවක්.!

විසල් මහනුවර සංවර්ධනය පිළිබදව රාජ්‍ය ආයතන සහ වෙ‍ෙළඳ ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14) පැවැති සාකච්ඡාවේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පැවසූවේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවැති ක්‍රමය වෙනස් කිරීමට පියවර ගන්නා බවයි.

වත්මන් ක්‍රමවේදය මගින් ඉඩම් ‍කැබැලි බවට පත්වීම සහ ඔප්පුලාභියා විසින් සෙසු ප්‍රතිලාභීන්ගේ අදහස් නොවිමසා ඉඩම් අලෙවි කිරීම වැනි සිද්ධීන් වැළැක්වීම සඳහා නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉකුත් පාලන සමයේදී ඉඩම් ඔප්පු ලබාදීමේ ක්‍රමය මගින් ඉඩම් කැබැලි බවට පත්වූ බවත් එම ක්‍රමවේදය ඔස්සේ ඉඩම් අලෙවි කිරීම ඉතා පහසුවෙන් සිදුකිරීමට හැකියාව ලැබුණු බවයි.

ඒ හේතුවෙන් ඉඩමේ ප්‍රතිලාභ ලැබූ පවුලේ සෙසු සාමාජිකයන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව ඉඩම් අයිතිය අහිමිවන බැවින් ඒ අනුව නව ක්‍රමවේදයක් සකස් කොට කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Loading

We are happy to invite you.