ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය මාලිමාව සමඟ එක් වෙයි.!

තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තීරණය කර ඇත.

එම පක්ෂයේ නායක ප්‍රභා ගනේෂන් මහතා පැවසූවේ අද (22) රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණය ගත් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, විපක්ෂනායකවරයා මෙන්ම ජනාධිපතිවරයාද තම පක්ෂයට ආරාධනා කර තිබූ බවයි.

කෙසේ නමුත් කොළඹ මහ නගර සභාව තුළ සිටින ජනතාවට සේවය කිරීමට තම පක්ෂයට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් වත්මන් ආණ්ඩුව සමග එක්ව එම කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමේ සිය සහයෝගය ලබාදීමට තීරණය කළ හෙතෙම පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments