By unusuma.lk on
(LK time)72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව සිටියි.
අනුදිගේ මෙම පැමිණීම ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකෙන අතර වසර 74ක ලෝක රූ රැජින තරග ඉතිහාසයේ Head-to-Head Challenge අංශයෙන් අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ඇය වෙයි.
තරඟය ඉන්දියාවේ තෙලගනාහිදී මේ දිනවල පැවැත්වෙන අතර මේ වනවිට ඇය මෙම වටයේ ආසියානු සහ ඕෂනියා කලාපයෙන් හොඳම 5 දෙනා අතරට පැමිණ ඇත.
ඇය සමගින් මෙම වටයට ආසියානු සහ ඕෂනියා කලාපයෙන් තායිලන්ත, තුර්කි, ලෙබනන් හා ජපාන තරගකාරියන් තේරීපත්ව සිටියි.
එමෙන්ම අනුදිගේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ මෙවර ලෝක රූ රැජින තරගයෙන් මෙතෙක් පැවති තරග අංශ දෙකෙහිම අවසන් වටයට පැමිණි ආසියාවේ එකම තරගකාරියද ඇය වීමය.
අනුදි සහභාගිවන Head-to-Head Challenge අංශයේ අවසන් 20 දෙනා සහභාගිවන අවසන් තරගය අද (23) පැවැත්වීමට නියමිතව ඇත.