By unusuma.lk on
(LK time)බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රවිදු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා සහ පොලිස් විශේෂ කාර්යා බලකා නිලධාරීන් අතර ගැටුමක් හට ගෙන තිබේ.
ඒ ඔහු අද (23) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් සදහා වීඩියෝ තාක්ෂණය හරහා ඉදිරිපත් කිරීමට සිර මැදිරියෙන් පිටතට රැගෙන ආ අවස්ථාවේදීයි.
ඔහුව පරික්ෂා කිරීමට යාමේදී මෙය සිදුව ඇති අතර, එහිදී රවිදු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා සහ පොලිස් විශේෂ කාර්යා බලකා නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.