By unusuma.lk on
(LK time)සන්ඩේ ලීඩර් කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය ශානි අබේසේකර ඇතුළු විමර්ශකයන් පිරිසක් යටතට පත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව විවිධ හේතු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු වලින් ඉවත් කරන ලද විමර්ශන නිලධාරීන් යටතට ලසන්ත ඝාතනය ඇතුළු ආන්දෝනාත්මක ඝාතන සිදුවීම්වල විමර්ශන කටයුතු පත්කිරීමට නියමිතව තිබේ.
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේය.
පැවති ආණ්ඩු විසින් ශානි අබේසේකර ඇතුළු එම නිලධාරීන් විමර්ශන වලින් ඉවත් කර විමර්ශන ඉදිරියට යාම වැළැක්වීමට පියවර ගත්තද වත්මන් රජය යටතේ අදාළ විමර්ශන ඉදිරියට කරගෙන යාමට සඳහා මෙම පියවර ගනු ඇති බවද පැවසේ.