By unusuma.lk on
(LK time)යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රෙද්‍රිගෝගේ උපදෙස් මත දිවයිනේ සෑම යුධ හමුදා කදවුරකම රණවිරු සුබසාධන අංශයක් අද (26) සිට ආරම්භ වන බව යුධ හමුදා මූලස්ථානය පවසයි.
ඒ අනුව අද සිට සෑම හමුදා කදවුරකම අණදෙන නිලධාරියාගේ අධීක්ෂණය යටතේ මෙම රණවිරු සුබසාධන අංශය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
යුධ හමුදා මූලස්ථානය සඳහන් කළේ මෙමගින් විශ්‍රාමික, ආබාධිත සහ මිය ගිය හමුදා රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සුබසාධන කටයුතු පහසුවෙන් සිදු කළ හැකි බවයි.