By unusuma.lk on
(LK time)රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව අද (26) දින යළිත් මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.
මෙම නඩුව මාර්ගගතව කැඳවනු ලැබු අතර එහිදී සියලු කරුණු සළකා බැලූ මහර මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු සෙසු සැකකරුවන් සිව් දෙනා එළැඹෙන ජුනි මස (09) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
තවද ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහර මහෙස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය විසින් ප්‍රතික්ෂේප කළාය.