By unusuma.lk on
(LK time)බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් දෙහිවල, නැදිමාල ප්‍රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ඉකුත් (19) වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (27) පොලීසියට ලැබුනු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසයි.
එහිදී වෙඩික්කරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 160ක්ද සොයාගැනීමට සමත්ව ඇත.
එමෙන්ම වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 350ක්ද සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරුවන් අවුරුදු 38 හා 43 වයස්වල පසුවන දෙහිවල හා මිහින්තලය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන්.