By unusuma.lk on
(LK time)අද (17) පාර්ලිමේන්තුවේදී සිය මංගල අයවැය කතාව සිදුකරමින් ජනපති අනුර දිසානායක මහතා පවසා සිටියේ රජය යටතේ අල්ලස් ගැනීමට බිය වන සමාජයක් නිර්මාණය කරන බවයි.
බදු ගෙවන ජනතාවගේ සෑම රුපියලකටම සාධාරණය ඉටු කරන බවද පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් අතර දූෂණය නොඉවසන බවත්, අල්ලස් ගැනීමට උත්සාහ කරන්නන් බිය විය යුතු බවත් පැවසීය.
එසේම තම ආණ්ඩුව නියෝජනය කරනා කිසිදු තැනැත්තෙකු අල්ලසක් ලබාගනු ලැබීයයි චෝදනාවට ලක්වුව හොත්, ඔවුන් වෙනුවෙන් කිසිදු ආකාරයකින් පෙනීනොසිටින බවද ජනාධිපතිවරයා සිය අය-වැය කතාව අවසන් කරමින් අවධාරණය කළේය.