දේශපාලන තක්කඩිකම් කළ රනිල්ගේ හෙන්චයියන් ගැන බිමල් කියයි.!

ජනතා අරගලයකින් ජනතාව විශාල නැගිටීමක් සිදුකළ බවත් හිටපු දූෂිත පාලකයන් පන්නා දැමුවාට පසුව පිනට පැමිණි රනිල් වික්‍රමසිංහ පළාත් පාලන ඡන්දය කල් දැමු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ සල්ලිත් නෑ, ඡන්දයකුත් නෑ කියමින් රටේ ජනතාවත්, පාර්ලිමේන්තුවත් තුට්ටු දෙකට දමා කළ ප්‍රකාශයට හිනාවුණු පුද්ගලයින් අදත් පාර්ලිමේන්තුවේ සිටින බවද අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සදහන් කළේ,

“මේ පාර්ලිමේන්තුව තුළ අද අපට ඉටු කරන්න වෙලා තිබෙන්නේ පරණ පව්. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා විවිධ නායකයන් විසින් හිතාමතා කරන ලද දේශපාලන ආර්ථික අපරාධ වලට තමයි අද ලංකාවම කරගහලා තිබෙන්නේ.

මේ පිළිබඳ නඩු ගණනාවක් දැම්මා. පොලිසිය කිව්වා ආරක්ෂාව දෙන්න බෑ කියලා. මුද්‍රණාලයාධිපතිනිය කිව්වා කොළ නෑ කියලා. දේශපාලන තක්කඩිකම් කළා. ඒ වෙලාවේ සිටි නිලධාරීන්. ඒ රනිල්ගේ ගෑස් අරගෙන.”

අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.