මිද්දෙණිය වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවාත් ජීවිතක්ෂයට.. පියා දුව සහ පුතා තිදෙනාම අවසන්.!

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි දරුවාද මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබේ.

ඒ අනුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි පියා, 06 හැවිරිදි දියණිය සහ 09 හැවිරිදි පුතා යන තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රී මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදේ නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර යතුරුපැදියේ ගමන්කළ ඔහුගේ පුතා සහ දියණිය තුවාල ලබා රෝහල් ගත කළ අතර අනතුරුව දියණිය ජීවිතක්ෂයට පත්වූ අතර මේ වනවිට පුත්‍රයාද මියගොස් තිබේ.

මෙම වෙඩිතැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැක පළ කරන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විර්මශන ආරම්භ කර තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.