By unusuma.lk on
(LK time)2025 ජුනි මස (02) වැනි දින සිට එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
252 වැනි අධිකාරය වන මහා නගර සභා ආඥා පනතේ 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න විසින් මෙය නියමය කර ඇත.
මෙම ගැසට් නිවේදනය ප්‍රාදේශීය සභා 274ක්, මහ නගර සභා 27ක් සහ නගර සභා 36ක් ඇතුළු සමස්ත ආයතන 337කට අදාළ බව සදහන් වේ.