පඩිත් එක්කම වැඩත් ඉල්ලයි.. සියලුම රාජ්‍ය ආයතන තුලට විශේෂ ඒකකයක් බස්සයි.!

මහජනතාවට ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට රජය විශේෂ තීරණයක් ගෙන තිබේ. 

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවද වාර්තා වේ.

මෙම ඒකකය පිහිටුවීමේ මුලික අරමුණ වී ඇත්තේ රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සාදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහය වීම ආදී කරුණු බව සඳහන්.

ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත්තේ සියලුම රජයේ ආයතනවල විශේෂ ඒකකයක් ලෙස අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම සිදුවිය යුතු අතර මූලික පියවර වශයෙන් සියලුම කැබිනට් අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දීමක් ද සිදුකර ඇති බවද සඳහන්.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.