By unusuma.lk on
(LK time)කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති ධුරයන් බෙදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් අද (02) දින සමගි ජන බලවේග මාධ්‍ය ප්‍රකාශක එස්.එම් මරික්කාර් අදහස් පළ කළේය.
මාධ්‍ය ප්‍රකාශක එස්.එම් මරික්කාර් සඳහන් කළේ,
“විපක්ෂය බලය ගන්නවා නම් සමගි ජන බලවේගයට තමා මන්ත්‍රී ධුර 29ක් තියෙන්නේ අංක එක. එතකොට නගරාධිපතිකම සමගි ජන බලවේගයට හිමිවෙන්න ඕන.
දෙවැනියට ඉන්නේ එක්සත් ජාතික පක්ෂය 13ක් අරගෙන. ඔවුන්ට නියෝජ්‍ය නගරාධිපතිකම හිමිවෙන්න ඕන. ඒකෙ ආය කතා කරන්න, තර්ක කරන්න දෙයක් නැහැ.”
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශක එස්.එම් මරික්කාර් මේ බව සඳහන් කරයි.
මේ අතර කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේග නගරාධිපතිවරයෙක් හෝ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් පත් කිරීමට සහාය ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් සඳහන් කරයි.