සංවිධානාත්මක අපරාධකරුවන් ගැන තීරණයක්.!

අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඉදිරියේදී විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

අලුත්කඩේ අධිකරණය තුළ වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ නිසි ක්‍රමවේදයන්ට අනුව ආරක්ෂක නිලධාරීන් යොදවා සිටි බවත් අධිකරණය තුළදී ගිනි අවි භාවිතයට ආරක්ෂක නිලධාරීන් සදහා අවසරය නොමැති බවත් නීතිඥවරුන් පරීක්ෂණයට ලක් නොකරන බවද සදහන් කරයි.

අධිකරණ පරිශ්‍රයට පිවිසෙන පුද්ගලයින් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදයේ යම් දුර්වලතාවයක් පැවතුණේ නම් ඉදිරියට එවැන්නක් සිදු නොවීමට ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරන බවත් බුද්ධි අංශ ලබාදෙන තොරතුරු මත පදනම්ව මහජන ආරක්ෂක සැලසුම් ශක්තිමත් කිරීම තම අමාත්‍යංශයේ බලාපොරොත්තුව බව අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.