රෝගීන් දහස් ගණනකගේ ජීවිත අනතුරේ.!

ලේ කැටි ගැසීමට අවශ්‍ය ‘Emioizumab’ නමැති ගුණාත්මක ඖෂධ කුප්පි නොගෙන්වීම නිසා හිමෝෆීලියා රෝගීන් 2,000කගේ ජීවිත අවදානමට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන් වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

හිමොෆීලියා රෝගීන්ට ලෝකයේ බොහෝ රටවල් ‘Emicizumab’ නමැති ඖෂධය ලබාදෙන අතර ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය එම රෝගීන්ගේ ජීවිත පිළිබඳ තැකීමක් නොකර බලාසිටින බවද සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව චෝදනා කරයි.

එම රෝගීන්ට ලබාදෙන එන්නත් කුප්පියක් ඇමෙරිකානු ඩොලර් 1700ක් පමණ වන බවත් එනිසා සෞඛ්‍ය අමාත්‍යාංශය එම ඖෂධය ඇණවුම් නොකරන බවද සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.