හදිසි පරීක්ෂාවකින් මගමරු ට්‍රැවල්ස් 26ක් ධාවනයෙන් ඉවතට.!

නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා විසින් ඊයේ (02) දින හැටන් බස් නැවතුම්පොලේ සිට ධාවනට එක් කර ඇති දුර සහ කෙටි දුර ධාවන ලංගම සහ පෞද්ගලික බස්රථ හදිසි පරික්ෂවකට ලක් කෙරිණ.

මෙම හදිසි පරික්ෂාව සඳහා හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින්ද සම්බන්ධ වූහ.

එහිදී ලංගම සහ පෞද්ගලික බස් රථ 28ක් පරික්ෂාවට ලක් කල අතර, ඉන් ලංගම බස් රථ 13ක් සහ පෞද්ගලික බස් රථ 13ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ පරික්ෂකවරයා තීරණය කර ඇත.

කෙසේවෙතත් එම වාහනවල තිබූ අඩුපාඩුකම් දින 14ක් ඇතුලත අලුත්වැඩියා කර මෝටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යලිත් ඉදිරිපත් කිරීමටද නියෝග කෙරිණි.

මෙම පරික්ෂාවේදි ඇතැම් බස් රථවල මගීන්ට අන්ත්‍රාදායක ලෙස වාහනයේ සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කරන ලෙසත්, එම බස් රථවල රියදුරන්ට උපදෙස් ලබා දුන් අතර, එම උපාංග ගලවා යලිත් බස් රථ මෝටර් රථ පරික්ෂකවරයාට පෙන්වන තෙක් එම බස් රථවල වාර්ෂික ආදායම් බලපත්‍රය නුවරඑලිය පොලිසිය භාරයට ගැණින.

ගුණාත්මක සහ ආරක්ෂිත මගී ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් මෙම හදිසි පරික්ෂාව සිදුකල බවත්, මෙවැනි පරික්ෂාවන් නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා සිදු කරන බවයි නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments