By unusuma.lk on
(LK time)මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් අද (03) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.
රජයට රුපියල් ලක්ෂ 80කට වැඩි පාඩුවක් සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඉදිරිපත් කර තිබෙන නඩුකරය අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
ඒ අනුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.