“බඩු සතිය” නිවරදි කර රටට ආදර්ශයක් වෙන්න.. දිලිත් ජනපතිගෙන් ඉල්ලයි.!

අද (3) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම දිලිත් ජයවීර මහතා සඳහන් කර සිටියේ රජය විසින් ක්‍රියාත්මක කරන “බදු සතිය” යන්න ඉංග්‍රීසි භාශාවෙන් ලිවීමේදී “බඩු සතිය” ලෙස අර්ථ ගැන්වෙනා බැවින් එය නිවරදි කිරීමට කටයුතු කළ යුතු බවයි.

තමාට අයත් සියලුම සමාගම් ශත 5ට බදු ගෙවා ඇති බවත් බුදුන්ගේ දේශනය අනුව ධාර්මිකව රැස් කර බදු ගෙවීම තමා සිදුකරනා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයාට අයත් පක්ෂය ලංකාවේ ධනවත්ම පක්ෂය බැවින්, එම පක්ෂය බදු ගෙවනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද සඳහන් කළ ඒ මහතා ඒ අනුව ජනාධිපතිවරයාට අයත් පක්ෂයේ වත්කම් හෙළිදරව් කොට බදු නිවැරදි ලෙස ගෙවා රටට ආදර්ශයක් ලබා දිය යුතු බවද පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments