By unusuma.lk on
(LK time)රුපියල් ලක්ෂ 20ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පුරියක් (02) දින පොලිස් භාරයට ගත් බව ජාඇල පොලීසිය සඳහන් කරයි.
ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමකින් එම වාලම්පුරිය සහ එය විකිණීමට තැත්කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.