අනුර පාතාලයට එරෙහි රතු කොඩිය ඔසවයි.. රටම බලාසිටි තීරණය දැනුම්දෙයි.!

අද (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ 10වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිය අවසන් තීරණය දැනුම් දී තිබේ.

ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට කළයුතු සියළු කටයුතු සිදුකරනා ලෙස එහිදී ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම අවස්ථාවට එක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව පිළිබඳ අදහස් දක්වා ඇත.

හෙතෙම පෙන්වා දී ඇත්තේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කර ඇති බවයි.

ඉදිරියේදී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක්කරමින් නවීන තාක්ෂණය ද භාවිතකොට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නා බව හෙතෙම පවසා තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
9 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.