හිටපු ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති ජයසිංහට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරයි.!

අද (20) වව්නියාව මහාධිකරණය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර හතරක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් නියම කළේය.

ඒ එවකට වයස 18ක් වූ සිවලෝගනාදන් විද්‍යා නම් දමිල දැරිය 2015 මැයි මාසයේදී පුංගුඩුතිව් දූපතේදී සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් වරදකරු බවට තහවුරු වීම හේතුවෙනි.

මීට අමතරව ලලිත් ජයසිංහ මහතාට රුපියල් 50,000ක දඩයක් නියම කළ මහාධිකරණය එය නොගෙවන්නේ නම් තවත් මාස හයක ලිහිල් වැඩ ඇතිව සිරදඩුවමක්ද නියම කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.