By unusuma.lk on
(LK time)එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා ඇත.
ප්‍රංශයේ පැරිස් නුවර සිට ගුවන් යානය අද (04) දින උදෑසන දිවයිනට ළඟා වු අතර ගුවන් යානය ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව ලබාදෙමින් අද උදෑසන කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරන ලදී.
එහිදී අඩි 1,500ක පමණ උසකින් මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා පියාසර කරනු දැකගත හැකිවිය.