By unusuma.lk on
(LK time)සුළඟ සහ රළු සාගර තත්ත්වය හේතුවෙන් පිහිනීමට නොහැකිව ටැස්මේනියාවේ දුරස්ථ වෙරළ තීරයක අතරමං වු තල්මසුන් 90 දෙනකු මරා දැමීමට ඕස්ට්‍රේලියානු වනජීවී නිලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටැස්මේනියාවේ ස්වභාවික සම්පත් හා පරිසර දෙපාර්තමේන්තුවට අනුව, දිවයිනේ බටහිර වෙරළ තීරයේ ආතර් ගඟ අසල තල්මසුන් 150 කට වැඩි ප්‍රමාණයක් අතරමං වී සිටියදී සොයා ගත් අතර ඔවුන් නැවත මුහුදට යැවීමට සුදානම් වුවද එය අසාර්ථක වී ඇත.
අතරමං වූ තල්මසුන් හුදකලා ප්‍රදේශ වලට ගෙනයෑමට යන්ත්‍රෝපකරණ භාවිත කර ඇති බැවින් මුදා හැරීමට පෙර ඒවා ජලයේ ස්ථාවර කළ හැකි අතර නමුත් දුරස්ථ හා ප්‍රවේශ විය නොහැකි ස්ථානයට උපකරණ යැවීමට නොහැකි වූ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සදහන් කරයි.
ටස්මේනියාවේ අවසන් වරට මෙතරම් තල්මසුන් සංඛ්‍යාවක් අතරමං වූයේ වසර 50කට පෙර 1974 වසරේ ජුනි මාසයේදී බවත් දිවයිනේ උතුරු වෙරළ තීරයේ බ්ලැක් රිවර් වෙරළ තීරයෙන් 160ත් 170ත් අතර සංඛ්‍යාවක් සොයාගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.