වික්ටෝරියාව මෙන් 3 ගුණයක් ලොකු බැටරියක් හදන්න රජය සැරසෙයි.!

නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය පවසන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බවයි.

සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවත විදුලි බල පද්ධතියට සැපයීමේ අරමුණින් සිදු කිරීමට යන මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත බල සැපයුම මෙගාවොට් 600කි.

මෙම ව්‍යාතිය හරහා අපේක්ෂිත බල සැපයුම දෙවනි වනුයේ ලක්විජය ගල් අඟුරු බලාගාරයෙන් නිපදවෙන බල සැපයුම වම මෙගාවොට් 600ක ප්‍රමාණයට පමණි.

මෙම ව්‍යාපෘතිය මඟින් නිපදවීමට බලාපොරොත්තුවන බල සැපයුම කැලණිතිස්ස තාප බලාගාරයේ ධාරිතාව මෙන් දෙගුණයකට ආසන්න අගකක් ගන්නා අතර එය වික්ටෝරියා බලාගාරයෙන් නිපදවෙන බල සැපයුම මෙන් 3 ගුණයකි.

මෙම ව්‍යාපෘතිය 2030 වන විට විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ මෙරට ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතා වැදගත් වන බව විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක් කිලෝමීටර් 2.5ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මක වන මහා පරිමාණ බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියක් වන අතර එමගින් මෙරට පුර්ජනනීය බලශක්තිය කරා යන ගමනේදී පොසිල ඉන්ධන මත යැපීම අඩු කර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සැපිරීමට අපේක්ෂා කරයි.

එමෙන්ම මෑතකදි පැවැති රැස්වීමකදී ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් වෙත ව්‍යාපෘතියේ මූල්‍ය මාර්ග සිතියම නිල වශයෙන් හඳුන්වා දීමට ද එම මණ්ඩලය පියවර ගෙන තිබේ.

විදුලි බල මණ්ඩලය පැවසුවේ පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලක් සහතික කරමින් විදුලි ගාස්තු සඳහා වන බලපෑම් අවම කිරීම සඳහා ජාත්‍යන්තර ආයතනවලින් දිගුකාලීන අරමුදල් ලබා ගැනීම මෙහි අරමුණ බවය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් බලශක්ති ස්වාධීනත්වය, පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කර ගැනීම සඳහා පද්ධති සහාය, ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ පාරසරික තිරසරභාවය නියෝජනය වනු ඇති බවත් එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.