By unusuma.lk on
(LK time)සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන ගනේමුල්ල සංජීව නොහොත්, මාකිලංගමුවේ සංජීව කුමාර සමරත්න ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද (04) දින ඉදිරිපත් කළේය.
අනතුරුව හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර ඔවුන් විසින් මෙම සැකකරු හඳුනා නොගත් බව වාර්තා වේ.
පසුව මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කර ඇත.
එහිදී සැකකරු මේ මස (06) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් නියම කළේය.