By unusuma.lk on
(LK time)ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දැනුම්දුන් තීරණයක් අනුව ජංගම දුරකථන පරිශීලකයින්ට ජංගම දුරකථන ජාලය වෙනස් කිරීමේදී තමා භාවිතා කල ජංගම දුරකථන අංකයම නැවත ලබාගැනීමේ පහසුකම (Number Porting) පාරිභෝගිකයන්ට ලබාදීමට තීරණය කර ඇත.
එහිදී එම කාරක සභාවට සහභාගී වූ නිලධාරීන් ඊට පිළිතුරු ලබාදෙමින් සඳහන් කර ඇත්තේ එම පහසුකම ලබන ජූනි මස සිට ක්‍රියාත්මක කිරීමට හැකි බවයි.
එමෙන්ම මෙම කාරක සභාවේදී රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස 10 වැනි දින පැවැත්වීමටද තීරණය වී තිබේ.


