පොලීසියේ හයියෙන් රගන පාතාලය ගැන ඇමති කියයි.!

රටේ සමහර පාතාල කල්ලි නිර්මාණය වූයේ දේශපාලන අනුග්‍රහය ඇතිව බවත් සමහර රාජ්‍ය ආයතන පාතාල කල්ලි වලට උදවු කරන බවත් පොලීසිය ඒ අතර ප්‍රධාන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

පසුගිය කාලයේදී ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන් ඝාතනය කෙරුණද වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට නොවුණු බැවින් වත්මන් රජය එම වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කරන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

පාතාලය ගැන පරීක්ෂණ පැවැත්වීමට පොලිසියට උපරිම නිදහස ලබාදී ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාතාලය සමඟ සම්බන්ධතා නැති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

පාතාලයේ ක්‍රියාකාරකම් සම්බන්ධව (21) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.