ශ්‍රී ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් දැනුම් දී ඇත්තේ තම පෙම්වතා හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන තොරතුරු දන්නේ නම්, එම තොරතුරු හැකි ඉක්මනින් පොලිසියට වාර්තා කරන ලෙසයි.
පොලීසිය එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ සමාජයේ යහපත උදෙසා සහායවන ලෙසයි.
ඒ, අනුව එවැනි අපරාධ පිළිබඳ තොරතුරු 119 හෝ 1997 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුම්දීමේ හැකියාව පෙම්වතුන්ට පවතී.