By unusuma.lk on
(LK time)චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ දෙවන දිගම පන්දුවාරය ලෙසින් අමිහිරි වාර්තාවක් තබමින් පළමුව පන්දුවට පහරදෙන පාකිස්තානයට එරෙහිව පන්දු යැවීම ආරම්භ කළ ෂාමි, සිය පළමු පන්දුවාරය අවසන් කළේ පන්දු 11ක් යොමුකරමිණි.
එම වාර්තාවේ පෙරමුණේ පසුවන්නේ බංග්ලාදේශ පන්දු වන්නෙකු වන හසිබුල් හොසේන් සහ සිම්බාබ්වේහි ටිනාෂේ පන්යන්ගරාට වන අතර ඔවුන් දෙදෙනාම පන්දු 13ක පන්දුවාරයක් යවා තිබේ.
එමෙන්ම ෂාමි අද යැවූ මෙම පන්දුවාරය ඉන්දියානුවෙකු චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ යැවූ දිගම පන්දුවාරයද වෙයි.
ෂාමි අබිබවා ගියේ 2017 වසරේදී ඕවල්හි පැවති චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේදී ජස්ප්‍රිත් බුම්රා පන්දු 9ක් යොමුකර පන්දුවාරය අවසන්කර තිබූ වාර්තාවයි.
එයද පාකිස්තානය හමුවේම වීම විශේෂත්වයක්ය.
ෂාමිගේ මෙම පන්දු යැවීමත් සමග ඔහු පන්දුවාරයක් අවසන්කිරිම සඳහා වැඩිම පන්දු සංඛ්‍යාවක් යැවූ ඉන්දියානු පන්දු යවන්නන් අතරද සම පළමු ස්ථානයට පත්විය.
ඔහු සහීර් ඛාන් සහ ඉර්ෆාන් පතාන්, ෂාමිට පෙර මෙම අමිහිරි වාර්තාවට හිමිකම් කියූ පන්දු යවන්නන්ය.
2004 ආසියානු කුසලානයේදී පාකිස්තානයේ මොහොමඩ් සාමි පන්දු 17ක් යැවීම ලොව දීර්ඝම පන්දුවාරය ලෙස සැලකෙයි.
එම පන්දුවාරයට වයිඩ් 7ක් හා නිපන්දු 4ක් ඇතුළත් විය.