By unusuma.lk on
(LK time)අද (07) දිනයේ සිට ලබන (13) වැනිදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වේ.
මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර “අනුබුදු දහමින් ලොවම නිවේවා” යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.
මේ වෙනුවෙන් අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් පිංකම් රැසක් සංවිධාන කර ඇති අතර අද සිට ලබන (13) දක්වා කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා තැබෙනු ඇත.